තෛපොංගල් දිනය වෙනුවෙන් ජනපතිගෙන් සහ අගමැතිගෙන් සුබ පැතුම්

ජාතික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සියළු දෙනා එකට එක්විය යුතු බව තෛපොංගල් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා පවසනවා.

එම ඉලක්කය වෙත ළඟා වීම සඳහා ශ්‍රී ලංකාව සිය මව් බිම ලෙස දකින්නැයි ලොව විවිධ රටවල වෙසෙන ශ්‍රී ලාංකික සහෝදර දෙමළ ජනතාවට තමන් ආරධනා කරන බවද ජනාධිපතිවරයාගේ එම සුභ පැතුම් පණිවිඩයේ සඳහන්.

තෛපොංගල් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පෙන්වා දෙන්නේ ජාතීන් අතර ඇති දුරස් බව අවම කර ගැනීමට මෙන්ම ඔවුන් අතර ඇති සහජීවනය වර්ධනය කර ගැනීමටද මෙවැනි වර්ණවත් උත්සව මනා පිටිවහලක් බවයි. තවද සියළු දෙනාටම සුහදතාවය සහ අන්‍යෙන්‍ය අවබෝධය උදා කර ගත හැකි වැදගත් අවස්ථාවක් ලෙස මෙම උත්සවය හැදින්විය හැකි බව පණිවිඩයේ සදහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *