මාර්තු සිට වතුකම්කරුවන්ගේ වැටුප රුපියල් 1000 දක්වා ඉහළට

එළැඹෙන මාර්තු 01 වනදා සිට වතු කම්කරුවෙකුගේ දිනක වැටුප රුපියල් දහසක් විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දන්වා සිටී. මීට අමතරව යටිතල පහසුකම් ඇතුළු වතු ක්ෂේත්‍රයේ සියලු අංශ කඩිනම් සංවර්ධනයට පියවර ගන්නා ලෙසටද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත. තේ කර්මාන්තයේ ගුණාත්මකභාවය සහ ඵලදායීතාව ඉහළ නැංවිමට රජය පියවර රැසක් ගෙන තිබෙන අතර දැනට බලපැවැත්වෙන බදු ඉවත් කිරීම, පොහොර සහනාධාරය ඇතුළු සහන රැසක්ද මීට ඇතුළත්ය. මේ සහන හිමිවන්නේ වතු සමාගම්වලට බැවින් එහි ප්‍රතිලාභ වතු කම්කරුවාට ද හිමි විය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

නිෂ්පාදන සහ කර්මාන්ත ක්ෂේත්‍ර ලබන දියුණුවට සමගාමීව එහි ප්‍රතිලාභ කම්කරුවාට හිමිකරදීම රජයේ අපේක්ෂාව බව ජනාධිපතිවරයා පවසයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *