එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු ප්‍රබල සාමාජිකයෙකු වන තිලීපන් නොහොත් රාසයියා ප්‍රතීපන්ගේ 36 වැනි සැමරුම වෙනුවෙන් නැගෙනහිර පළාතේ සිට උතුර පළාතට රථ පෙළපාලියක් සංවිධාන කර තිබුණි.
අප වාර්තාකරු පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රි කජේන්ද්‍රන් කුමාර් පොන්නම්බලම් මහතා එය සංවිධාන කර තිබූ බවය.
එම පෙළපාලිය ත්‍රිකුණාමලය හරහා ගමන් කරමින් තිබියදී ත්‍රිකුණාමලය සර්ධාපුර 6 කණුව අසල රැඳී සිටි පිරිසකගෙන් ඊට විරෝධයක් එල්ල විය.
තිලීපන්ගේ රුව රැගත් කැබ්රථය, එල්ලවූ විරෝධය හමුවේ ආපසු හරවාගෙන යාමට සිදුවිය.
මෙම රථ පෙළපාලියට යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා කජේන්ද්‍රන් මහතා ද එක්ව සිටි අතර ඔහු ද එම විරෝධයට මැදිවිය.
එහිදී විරෝධතාකරුවන් කිහිපදෙනෙක් පොලිස් නිලධාරීන් ඉදිරිපිටදීම කජේන්ද්‍රන් මන්ත්‍රීවරයාට පහරදී තිබුණි.
ඒ අතර එහි සිටි තවත් පිරිසක් මන්ත්‍රිවරයා යතුරුපැදියකින් එම ස්ථානයෙන් පිටත් කරවීමට කටයුතු කළේය.
එහිදීද යළිත් වරක් තවත් පුද්ගලයෙක් මන්ත්‍රීවරයාට පහර දුන්නේය.
සිද්ධියෙන් පසු එම ස්ථානය අවට පොලිස් ආරක්ෂාවද යොදවා තිබුණි.
සිද්ධිය පිළිබඳ විමර්ශන සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් අප විමසූ අවස්ථාවේ ඔහු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පාර්ශ්වයකින් පැමිණිල්ලක් ලැබී නොමැති බවය.