තිරිඟු පිටි බද්ද වැඩි කරයි, බලපත්‍ර ක්‍රමය අහෝසියි

අගෝස්තු 29 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි ආනයනය සඳහා අවශ්‍යව තිබූ බලපත්‍ර ක්‍රමය අහෝසි කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (30) රුවන්වැල්ල ප්‍රදේශයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

තිරිඟු පිටි ආනයනය සඳහා පනවා තිබූ බද්ද ද කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 16 සිට රුපියල් 27 දක්වා වැඩි කර තිබෙනවා. තිරිඟු ධාන්‍ය සඳහා කිලෝවකට රුපියල් 6ක බද්දක් පනවා ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

මේ හේතුවෙන් තිරිඟු පිටි මිල ඉහළ යාමක් සිදු නොවන බවත් ආනයන පාලනය පමණක් මෙම පියවරෙන් බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *