තැපෑල වර්ජනයක

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් සේවකයෝ ඊයේ (17) පස්වරු 4.00 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළහ.

සේවක හිඟය, අතිකාල දීමනා ඇතුලු වැටුප් ගැටලු මුල් කරගනිමින් ඊයේ පස්වරුවේ සිට සියලුම සේවාවලින් ඉවත් වී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූ බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය.

අතිකාල ගැටලුව, සේවක හිඟය ඇතුලු කරුණු 19 ක් මුල් කරගනිමින් තැපැල් සේවකයෝ 16 උදෑසන සිට අතිකාල සේවාවලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක ද නිරතව සිටිති.

ගැටලු වලට විසදුම් නොලැබිම හේතුවෙන් සියලුම සේවාවලාන් ඉවත්ව අඛණ්ඩ වර්ජනයක් දක්වා වර්ජනය ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *