තැපැල් සේවකයින් හරහා ඖෂධ බෙදා හැරීමට කටයුතු කෙරේ

රජයේ රෝහල් වලින් සායනික ප්‍රතිකාර ගන්නා රෝගීන්ට අවශ්‍ය ඖෂධ හෙට දිනයේ (30) සිට තැපැල් සේවකයින් මගින් බෙදා හැරීමට සැලසුම් කර ඇති බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිට සුදානම් කරමින් ඇති බවත් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

මේ අතර පෞද්ගලික ඖෂධ අලෙවිසල් මගින් ඔන්ලයින් ක්‍රමයට ඖෂධ ඇනවුම් කර අදාළ ඖෂධ අලෙවිසල සම්බන්ධ කරගැනීමට නොහැකි වුවහොත් ඒ බව ප්‍රදේශය භාර පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දෙන ලෙස නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

එම අවස්ථාවල පොලීසිය මැදිහත්ව එම කටයුතු සම්බන්ධීකරණය කරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *