තැපැල් මගින් එවූ මිලියන 14ක මත්ද්‍රව්‍ය කොටුවෙයි

තැපැල් මගින් මෙරටට එවා තිබූ පාර්සල් පරීක්ෂා කිරීමකදී ඒ තුළ තිබී මරිජුවානා සහ කෘතීමව නිපදවන ලද මත්පෙති ග්‍රෑම් 1406ක තොගයක් සොයාගෙන තිබේ.

රේගු මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ඉදිරිපිටදී කොළඹ තැපැල් තක්සේරු අංශයේ රේගු නිලධාරීන් විසින් මෙම පරීක්ෂාව සිදුකර ඇත.

මෙලෙස සොයාගෙන ඇති මත්ද්‍රව්‍ය තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂ අසූ පන්දහසක් (14,085,000) බව හෙළිවී තිබේ.

ඇමෙරිකාව, කැනඩාව සහ එක්සත් රාජධානිය යන රටවල්වල සිට ලංකාවේ විවිධ පළාත්වල පුද්ගලයින්ගේ ලිපිනයන්ට එවා ඇති බව අනාවරණය වී ඇත.

දිගු කාලයක් තිස්සේ නිෂ්කාශනය නොකර තිබීම හේතුවෙන් එම පාර්සල් තොගය මෙලෙස පරීක්ෂාවට ලක්කර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය වෙත භාරදීමට නියමිතය.

වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ මෙම වසර තුළ මේ දක්වා තැපැල් තක්සේරු කාර්යාලයේ රේගු නිලධාරීන් විසින් රුපියල් මිලියන 86 වටිනාකම ඉක්මවූ මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සොයාගැනීමට සමත්ව ඇති බවටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *