ශ්රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු නව දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තපත්ර බාර දුන්හ.
බුර්කිනා ෆාසො, බොස්නියාව සහ හර්සෙගොවිනා , අසර්බයිජාන ජනරජය , ජෝර්ජියාව, බෙලාරූස් ජනරජය, ආමේනියා ජනරජය, ස්පාඤ්ඤ රාජධානිය , කොංගෝ ජනරජය, සහ ගිනියා ජනරජය සඳහා නව තානාපතිවරුන් ද කෙන්යා ජනරජය සඳහා නව මහ කොමසාරිස්වරයෙක් ද පත්ව සිටිති.