තාජුඩීන් ඝාතන සිද්ධියේ අනුර සේනානායකට එරෙහි නඩුව මාර්තු 02 දා

හිටපු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළ තොරතුරු වසන් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට එරෙහිව පවරා ඇති නඩුවට අදාළ විමසීම මාර්තු මස 02 දා සිදු කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා. මෙම නඩුව අද දින මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි ඉදිරියේ කැඳවූ අවස්ථාවේ විත්තිකරු වන අනුර සේනානායක මහතා රෝගි තත්ත්වයක් හේතුවෙන් අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහු අධිකරණයේ පෙනී සිටීමට නොහැකි තත්ත්වයකින් පසුවන බව විත්ති පාර්ශ්වය අධිකරණයට දැනුම් දුන්නා. මෙම ඝාතනයට අදාළ විමර්ශන සිදු කිරීමේදී ඊට අදාළ සාක්ෂි වසන් කිරීම තුළින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් අනුර සේනානායකට එරෙහිව එම අධිචෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව විත්තිකරුගේ රෝගී තත්වය හේතුවෙන් ඔහු නොමැතිව සාක්ෂි විමසීමට ඇති හැකියාව පිළිබඳ කරුණු විමසීම මාර්තු මස 02 වැනිදා සිදු කිරීමටත්, දෙපාර්ශවයේ සාක්ෂි ලැයිස්තු ජනවාරි මස 30 වැනි දා ට පෙර ඉදිරිපත් කරන ලෙසටත් මහාධිකරණය නියෝග කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *