වසර සීයකට පසු නැවතත් ලංකාවට වැඩම වූ පිළිම වහන්සේ

ශ්‍රී ලංකාවේ පළමු පුරාවිද්‍යා කොමසාරිස් වරයා ලෙස සැලකෙන එච්.සී.පී.බෙල් මහතාට වසර 100කට ඉහතදී තිලිණයක් වශයෙන් ලැබී, බ්‍රිතාන්‍යයට රැගෙන ගිය බවට සැලකෙන දඹ රන් බුදු පිළිමයක් ඔහුගේ මුණුබුරකු ප්‍රධාන පවුලේ උදවිය විසින් නැවත ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ. පසුගිය දෙසැම්බර් 17 වැනි දින එම බුදු පිළිමය නැවත භාරදීම ඔවුන් විසින් සිදුකරනු ලැබුවා.

මෙය බෙල් මහතා 19 19 දී ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථානවල කැනීම් කරමින් සිටි කාලයේදී ඔහුට ලැබුණු ත්‍යාගයක් බවටත් ඔහු නැවත එංගලන්තයට යනවිට එය රැගෙන ගිය බවටත් වාර්තා වේ.

එච්. සී.පී.බෙල් මහතාගේ මුණුබුරකු වන කෙනෙත් බෙල් මහතා සහ ඇගේ දුව වන ෆියෝනා මහත්මිය විසින් හැම්ප්ෂයර් ප්‍රාන්තයේ සිට නුවර දළදා මාළිගය වෙත මෙම පිළිම වහන්සේ වැඩමවාගෙන පැමිණි අතර ඔවුන් පැවසුවේ මෙම පිළිමවහන්සේ ඔවුන්ට පරම්පරාවෙන් හිමි වූ නමුත්, එය ශ්‍රී ලංකාවට අයත් විය යුතු බව සිතා පරිත්‍යාග කිරීමට අදහස් කළ බවත් එයින් ඔවුන් තෘප්තියක් ලැබූ බවයි. මෙම සත්ක්‍රියාව සදහා දියවඩන නිළමේ තැන්පත් නිලංග දෑල බණ්ඩාර මහතා ඇතුලු කාර්යමණ්ඩලය අවශ්‍ය සහයෝගය ඔවුන්ට ලබා දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *