ත්‍රි’මලේ සිද්ධිය ගැන ජනපති වාර්තාවක් කැඳවයි

ත්‍රිකුණාමලය බුදු පිළිම සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස මහජන ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

දැන් ප්‍රශ්නය අවසන් වී ඇති අතර ඇතැමුන් මෙය අල්ලාගෙන තවදුරටත් නටන්නේ ඇයි දැයි ප්‍රශ්න කළ ජනාධිපතිවරයා ජාතිවාදී කණ්ඩායම් මේ සිද්ධිය අල්ලාගෙන හනුමා වලිගෙට ගිනි තියා ගත්තා සේ හැසිරෙන බවද කීය.

පාර්ලිමේන්තු කටයුතු, මහජන ආරක්ෂක සහ ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *