LK reports news sinhala

තවුහිද් ජමාත් දේපළ – මුදල් අත්හිටුවයි

මුස්ලිම් අන්තවාදීන් විසින් එල්ල කළ පාස්කු දින මරාගෙන මැරෙන  මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව මෙහෙයවූ ජාතික තවුහිත් ජමාද් ත්‍රස්ත සංවිධානයේ නායක මොහොමඩ් සහරාන්  ඇතුළු  එම කල්ලියේ සාමාජිකයින්ගේ  රුපියල් කෝටි 113 ක  මුදල්  හා දේපළ අත්හිටුවා ඇතැයි  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇත. මේවා අතර  රුපියල් කෝටි 100 ක දේපළ හා   රුපියල්  කෝටි 13 ක් වටිනා මුදල් හා  බැංකු ගිණුම් තිබෙන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්  ත්‍රස්ත සාමාජිකයන් 60කට අධික පිරිසක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අතර කාන්තාවන් ද සිටින බව ඒ මහතා පැවසීය.

(උපුටා ගැනීම – ලංකාදීප)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *