ශ්රී ලංකාව විසින් මිලදී ගනු ලැබු තවත් ෆයිසර් එන්නත් මාත්රා තොගයක් දිවයිනට රැගෙනවිත් තිබේ.
එන්නත් මාත්රා 608,000ක් අද (18) අලුයම දිවයිනට රැගෙන ආ බව ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේය.
ශ්රී ලංකාව විසින් මිලදිගැනීම සඳහා ඇණවුම් කර ඇති ෆයිසර් එන්නත් මාත්රා ලක්ෂ 50න් ලක්ෂ 10ක් මීට පෙර ලැබී තිබු අතර ඉතිරි එන්නත් ලක්ෂ හතළිහේ පළමු තොගය මෙලෙස අද දිනයේ ශ්රි ලංකාව ලැබුණු බව ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කළේය.