තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් නීතිවිරෝධිව රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 54 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

“අද දෙරණ” ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ, ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL 230 දරණ ගුවන් යානය මඟින් දිවයිනට පැමිණි පිරිසට කාන්තාවන් 53ක් හා පිරිමි පුද්ගලයෙක් අයත් බවය.

මොවුන් වලංගු වීසා කාලය ඉක්මවා කුවේටයේ රැඳී සිටීම, සේවා ස්ථානයෙන් පැනගොස් වෙනත් ස්ථානවල සේවය කිරීම වැනි හේතු මත දිවයිනට පැමිණීමට නොහැකිව සිටි පිරිසක් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.

විදේශ රැකියා සඳහා ගොස් දිවයිනට පැමිණීමට නොහැකිව සුරක්ෂා නිවාසවල රැඳී සිටින ශ්‍රමිකයින් හැකි ඉක්මණින් යළි මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස  එම කාර්යංශයේ සභාපති ඒ.ඒ.එම්.හිල්මි මහතා විසින් තානාපති කාර්යාලවල කම්කරු සුභසාධන අංශයන්හි නිලධාරීන් හට උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව, ඔවුන් කුවේට් තානාපති කාර්යාලයේ ලියාපදිංචි වීමෙන් පසු එරට ආගමන විගමන දෙපාර්තමේන්තුව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ තොරතුරු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දිනක් තුළ දිවයිනට එවීමට කුවේට් තානාපති කාර්යාලයේ නිලධාරීන් කටයුතු කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *