තවත් දෙවසරක් ඇතුළත මෙරටට ඉන්සියුලින් ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නවතී

මෙරට දියවැඩියා රෝගීන් වෙනුවෙන් ආනයනය කරනු ලබන ඉන්සියුලින් ඖෂධය ආනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීම ඉදිරි වසර දෙක ඇතුළදී සිදු කරනු ඇත. ඒ ඉන්සියුලින් නිෂ්පාදන කටයුතු මෙරටදී සිදු කිරීමට ගෙන ඇති තීරණයත් සමගයි. ඒ අනුව එම නිෂ්පාදන කටයුතු සිදු කරන කර්මාන්ත ශාලාව ඉදිකිරීම් කටයුතු සඳහා අද (18) දිනයේ මුල්ගල් තැබීම සිදුකර තිබේ.

කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ස්ථාපිත කිරීමට නියමිත මෙම කර්මාන්ත ශාලාව රුපියල් බිලියන 3.5ක ආයෝජනයක් ලෙසින් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ රදැල්ල සමූහ ව්‍යාපාරයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මෙරට ඉදි කෙරේ.

මෙරටට අවශ්‍ය ඉන්සියුලින් ඖෂධය ඉන්දියාව, පාකිස්තානය, බංග්‍ලාදේශය සහ ඩුබායි රාජ්‍ය වැනි රටවල්වලින් ආනයනය කෙරෙන අතර, ඒ සඳහා වාර්ෂිකව වැයවන මුදල රුපියල් බිලියන 3.3ක් පමණ වේ. සැලසුම්‍ කරඇති පරිදි තවත් දෙවසරකින් එම ඖෂධය ආනයනය සම්පූර්ණයෙන්ම නවතා දැමීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *