කටුනායක, වලානගොඩ ප්‍රදේශයේ පිහිටි නවාතැන් පොළක සිටි, කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ පුද්ගලයෙක් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත රැගෙන යෑමට සුදානමින් සිටියදී ඊයේ (21) දිනයේ පළා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර සිටී.
කොවිඩ් අසාදිත මෙම පුද්ගලයා කටුනායක ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන 25 හැවිරිදි අයෙක් වන අතර පදවිය, බෝගහපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ආසාදිතයා සම්බන්ධයෙන් මේ වන විට කටුනායක පොලීසිය විමර්ශනයක් අරඹා ඇත.