තම ආණ්ඩුව පිහිටුවා පැය 24ක් ඇතුළත තෙල් මිල පහළට – සජිත්

තම ආණ්ඩුව පිහිටුවා පැය 24 ක් ඇතුළත අනිවාර්යෙන්ම තෙල් මිල අඩු කරනා බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

එමෙන්ම කොවිඩ් වසංගතය පැතිර ගිය කාලසීමාවේ 4% ක පොළියට සහන ණයක් රජයෙන් ලබා දෙන බවට ජනතාවට පැවසූ බවත්, එය ප්‍රෝඩාවක් බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටී. ඉදිරි මහමැතිවරණය අනිවාර්යයෙන්ම තමන් ජයග්‍රහණය කරන බවත්, අගෝස්තු 5 වැනිදායින් පසු විසන්ධි වන්නේ සිය බලවේගයේ දුරකථනය නොව, ජනතාවට බොරු කියන වත්මන් ආණ්ඩුව බවත් කුලියාපිටිය, සියඹලාගස්කොටුව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඒ මහතා මේ අදහස් පළ කර සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *