පාසල්

තද වැසි නිසා මධ්‍යම සියලු පාසල් 19 සහ 22 වසා තැබෙයි

මධ්‍යම කඳුකරයේ යළිත් වරක් අදහැළෙන අධික වැසි සහිත  කාලගුණය නිසා අද (19) සහ 22 වන සඳුදා දින මධ්‍යම පළාතේ සියලු පාසල් සඳහා නිවාඩු ලබාදීමට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

පවතින අවදානම් තත්ත්වය මත සිසුන් මෙන්ම , අචාර්ය මණ්ඩල සහ අනධ්‍යයන කාර්යය මණ්ඩලද පාසල් වෙත පැමිණීමේ දුෂ්කරතා අවම කිරීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ අනුමැතිය මත පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මෙම තීරණයට එළැඹ තිබේ.

ඒ අනුව 19 සහ 22 වන දින මධ්‍යම පළාතේ සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදීමට මධ්‍යම පළාත් අධ්‍යපන අමාත්‍යංශය සහ එම දෙපාර්තමේන්තුව තීරණය කොට ඇතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය සඳහන් කරයි. මෙම නිවාඩු දින වෙනුවෙන් වෙනත් සුදුසු දිනවලදී හිලව් පාසැල් දින පැවැත්වීමටද කටයුතු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *