ණය ප්‍රතිව්‍යුහගත කිරීමට උර දීමට සජිත් සුපිරි ධනවතුන්ගෙන් ඉල්ලා සිටී

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රශස්ත කිරීමේ ක්‍රියාවලියේ බරෙහි සාධාරණ කොටස දරන ලෙස පුද්ගලික ණය දෙන්නන්ගෙන් සහ සුපිරි ධනවතුන්ගෙන් ඉල්ලා තිබේ.

කොළඹ දී ලංකා වාණිජ මණ්ඩලයේ නිලධාරීන් අමතමින් ප්‍රේමදාස මහතා ආන්ඩුවේ ප්‍රවේශය විවේචනය කල අතර, එය කම්කරු පන්තියේ උරහිස් මත පමනක් තබා නය ප්‍රතිව්‍යුහගත කිරීමේ බරින් මෙම ධනවත් කන්ඩායම් ගලවා ගැනීමේ විනාශකාරී බව ඔහු විස්තර කලේය.

ආර්ථික වශයෙන් මෙන්ම මූල්‍ය අභියෝගවලට මුහුණ දීම සඳහා ජාතියේ සියලුම පාර්ශවකරුවන් දායක වීමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රජය හඳුන්වා දුන් බදු අඩුකිරීම්වලින් ව්‍යාපාරික අංශයට ප්‍රතිලාභ හිමි වූ බව පිළිගන්නා අතරම, එවැනි කප්පාදු කිරීම් හේතුවෙන් රජයට සියයට 8ත් 10ත් අතර සැලකිය යුතු ආදායම් පාඩුවක් සිදුව ඇති බව ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නිර්දේශ අන්ධ ලෙස අනුගමනය කිරීම ගැන ප්‍රේමදාස මහතා අදහස් පළකළ අතර, IMF පැකේජය වඩාත් හිතකර විය යුතුව තිබූ බව ප්‍රකාශ කළේය. මානුෂික මුහුණුවරක් සහිත ධනවාදයේ ආකාරයක් වෙනුවෙන් පෙනී සිටීමට තම පක්ෂයේ කැපවීම ඔහු නැවත අවධාරණය කළ අතර ඔවුන්ගෙන් සමහරක් සුපිරි ධනවත් ලෙස සලකනු ලබන සාර්ථක ව්‍යාපාරික නායකයින්ගෙන් ඉගෙනීමේ වැදගත්කම අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *