ඩෙංගු වේගයෙන් පැතිරෙයි.

උතුරු පලාත තුල 2022 වසරේ මැයි මස මේ දක්වා ඩෙංගු රෝගීන් 1785 දෙනෙකු වාර්ථා වීම හේතුවෙන් එහි දැඩි අවධානමක් පවතින බැවින් මහජනතාවද ඩෙංගු රෝගය මැඩපැවත්වීමට සහය දෙන ලෙසට උතුරු පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක කාර්යාලය ඉල්ලා සිටියි.

පසුගිය 2020 සහ 2021 වසරවල ඩෙංගු රෝගය උතුරු පලාතේ මැඩපැවත්වීඹට හැකියාව ලැබුනද මේ වසරේ අසාමාන්‍ය ලෙසින් ඩෙංගු රෝගය වර්ධනය වී ඇති බවටත් උතුරේ වැඩිම අවධානමකට ලක්ව ඇත්තේ යාපනය දිස්ත්‍රීක්කය වන බවටද සෞඛ්‍ය නිලධාරීන් පෙන්වා දෙති.

මේ අනුව උතුරු පලාතේන් මේ දක්වා වාර්ථා වී ඇති ඩෙංගු රෝගීන් 1785 න් 1506 දෙනෙකුම යාපනය දිස්ත්‍රීක්කයෙන් වාර්ථා වී ඇති අතර ඩෙංගු රෝගය හේතුවෙන් මරණ 05 ක් සිදුවෙද්දී එම මරණ සියල්ලක්ම වාර්ථා වන්නේද යාපනය දිස්ත්‍රීක්කයෙනි.

ඊට අමතරව මන්නාරම් දිස්ත්‍රීක්කයෙන් 147 දෙනෙකුත්,  කිලිනොච්චියෙන් 61ක්, වව්නියාවෙන් 44 ක් සහ මුලතිව් දිස්ත්‍රීක්කයෙන් 27 දෙනෙකු වාර්ථා වී ඇතැයි උතුරු පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක කාර්යාලය විසින් පෙන්වා දෙයි.

යාපනය දිස්ත්‍රීක්කයේ ඩෙංගු රෝගය හිස එසවීම දැඩි අවධානම් තත්වයේ පසුවන අතර එම දිස්ත්‍රීක්කයේ කරවෙඩ්ඩි, පේදුරුතුඩුව, කෝපායි සහ නල්ලූර් ආදි ප්‍රදේශයන්හි මෙලෙස වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්ථාවෙයි.

පවතින අවධානම් තත්වයන් හේතුවෙන් ඩෙංගු රෝග මර්ධන සතියක්ද ක්‍රියාත්මක කොට ඇති බවටත් ඒ සඳහා මහජනතාවගේද සහය ඇතිව ඉදිරියේදී මහජනතාව ගැවසෙන ස්ථාන, පාසල් මෙන්ම ආගමික ස්ථානයන්හි ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට පියවර ගන්නා ලෙසටද උතුරු පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක කාර්යාලය විසින් ප්‍රදේශ භාර සෞඛ්‍ය නිලධාරීන්ට මෙන්ම ග්‍රාමසේවක නිලධාරී කාර්යාල වෙතටද දැනුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *