2023 වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 80,000 ඉක්මවා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
දෙසැම්බර් 11 වන විට, 2023 සඳහා මුළු රෝගීන් 80,222 ක් වාර්තා වී ඇති අතර, වැඩිම සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එය 16,948 කි.
බස්නාහිර පළාතෙන් වැඩිම රෝගීන් 37,216ක් වාර්තා වී ඇති අතර එය පළාත අනුව වැඩිම රෝගීන් සංඛ්‍යාව වන අතර දෙසැම්බර් මාසයේදී ඩෙංගු රෝගීන් 3,734ක් වාර්තා වී තිබේ.
මේ අතර, වසරේ මේ දක්වා ඩෙංගු රෝගයෙන් පුද්ගලයන් 47 දෙනෙකු මියගොස් තිබේ.
ඩෙංගු රෝගයෙන් මිදීම සඳහා අවට පරිසරය පිරිසිදුව තබාගෙන මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි.