ඩීසල් සහ භූමිතෙල් මිල අඩු කරයි.

අද රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රු. 15 කින් සහ ලංකා භූමිතෙල් ලීටරයක් රු. 10.

ඒ අනුව ලංකා ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රු. 405 ක් සහ ලංකා භූමිතෙල් රු. 355.

ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යුරෝ 4 (රු. 510), ලංකා සුපර් ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 (රු. 510), ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් (රු. 370) සහ ලංකා ඉන්ඩස්ට්‍රියල් භූමිතෙල් (රු. 464) ලීටරයක් වෙනස් නොවේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *