ඩීසල් ලීටරයකින් රුපියල් 30ක පාඩුවක් රජයට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල පෙරේදා (19) වනවිට ඩොලර් 89ක් දක්වා ඉහළ ගොස් තිබූ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ එය වසර 7කට පසු වාර්තා වූ ඉහළම මිල බවය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනකදීය.

මසකට ඉන්ධන සඳහා ඩොලර් මිලියන 500ක් පමණ මෙරට වැය කරන බවත් මේ වනවිට ශ්‍රී ලංකාවේ මාසික අපනයන ආදායම ඩොලර් මිලියන 750ක මට්ටමක පවතින බවත් අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව මෙහි ඇති බරපතළ තත්ත්වය සමස්ත ජනතාව තේරුම්ගෙන ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කළයුතු බවද ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *