Gamunu Wijerathna

ඩීසල් මිල අඩු වුණත් බස් ගාස්තු අඩු වෙන්නේ නෑ

ඩීසල් මිල  අඩු කළද බස් ගාස්තු අඩු කළ නොහැකි බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

“ ඩීසල් මිල රු.06කින් අඩුවෙලා තිබෙනවා. මිල සූත්‍රය අනුව මාසිකව සිදු කරන සංශෝධනය අනුව තමයි අඩු කරලා තියෙන්නේ. ඒක සම්ප්‍රධායක ක්‍රමවේදයක්. ගිය මාසයේ ඒක වෙනස් වුණේ නෑ. කෙසේ වෙතත් මේ අඩුවෙලා තිබෙන තත්ත්වය මත රු.06ක් අඩුවෙලා තිබෙනවා. ඒක බස් ගාස්තුවට බලපාන්නේ නෑ. සාමාන්‍යයෙන් රුපියල් 25ක වගේ ඉන්ධන මිල අඩු වීමක් සිදු වුණොත් 04%කින් අඩු කරන්න පුළුවන්. ඒ නිසා මෙවර බස්ගාස්තු කිසිසේත්ම අඩු වෙන්නේ නෑ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *