ඩිජිටල් රියැදුරු බලපතට කැබිනට් අනුමැතිය

නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මේ වන විට සුහුරු කාඩ්පතක් ලෙස රියැදුරු බලපත්‍රයක් නිකුත් කිරීම ආරම්භ කර වසර 15කට ආසන්න කාලයක් ගත වී ඇති අතර, අදාළ ආයතන අතර දත්ත හුවමාරුවකට පහසුකම සලසමින් නව තාක්ෂණය අනුව ලෝකයේ රටවල් ගණනාවක දැනට භාවිත කරනු ලබන ඩිජිටල් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමේ යෝග්‍යතාව රජය විසින් හඳුනාගනු ලැබ ඇත.

ඒ අනුව, ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිටිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද යෝජනා සැලකිල්ලට ගෙන, දැනට භාවිත කරනු ලබන රියැදුරු බලපත්‍රය වෙනුවට නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක් කඩිනමින් හඳුන්වා දීම පිණිස අවශ්‍ය පියවර ගැනීමටත්, එතෙක් රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම සඳහා දැනට අනුගමනය කරනු ලබන ක්‍රම වේදය තව දුරටත් ක්‍රියාත්මක කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *