ටොන් ලක්ෂ 7.2ක සහල් අතිරික්තයක්

වසර ගණනකට පසු මෙට්‍රීක් ටොන් ලක්ෂ7.2ක වාර්තාගත සහල් අතිරික්තයක් මෙම වසරෙහිදී වාර්තා වන බැවින් සහල් ආනයනය කිසිසේත් අවශ්‍ය නොවන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති වාර්තා අනුව පසුගිය මහ කන්නයේ දී මෙට්‍රික් ටොන් මිලියන 3.2ක වී අස්වැන්නක් ලැබීම හා මෙවර යල කන්නයේ දී මෙට්‍රික් ටොන් මිලියන 2.6ක වී අස්වැන්නක් ලැබීම හේතුවෙන් මෙම වසරේ සමස්ත වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 5.8ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. ඒ අනුව එමගින් නිෂ්පාදනය කර ගත හැකි සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 03 ඉක්මවනු ලබන බව ඔහු සඳහන් කළේය.

අමාත්‍යාංශයේ වාර්තා අනුව සාමාන්‍යයෙන් වෙනත් යල කන්නවල දී මෙරට වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 1.6ක් හෝ මෙට්‍රික් ටොන් මිලියන 02ක් වැනි ප්‍රමාණයක් වාර්තා වී ඇත.  එසේම මෙරට මාසික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 200,000ක් වන අතර වාර්ෂික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 2.4ක් පමණ වන බවද අමාත්‍යාංශය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *