LK reports news sinhala

ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂක ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද(18) නම් කෙරිණි.

ජනතා විමුක්ති පෙරමුණ පසුගිය ජනපතිවරණ තුනේදීම අපේක්ෂකයකු ඉදිරිපත් නොකළ අතර ඔවුන් ජනපතිවරණ අපේක්ෂකයකු ඉදිරිපත් කර ඇත්තේ වසර 20කට පසුවය. ඔවුන් අවසන් වරට 1999 ජනපතිවරණයට ඉදිරිපත් කරන ලද්දේ නන්දන ගුණතිලක මහතා වන අතර ඔහු මේ වනවිට එජාප නගරාධිපති ධූරයක් උසුලයි. එමෙන්ම 2005 ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂටත් 2010 ජනපතිවරණයේදී සරත් ෆොන්සේකාටත් සහාය දුන් ජනතා විමුක්ති පෙරමුණ 2015 වසරේ පැවැති ජනපතිවරණයේදී කිසිදු අපේක්ෂකයකුට සහාය නොදක්වන බව කියා සිටියේය.

අද ගාලු මුවදොර පිටියේ පැවති ජාතික ජන බලවේගය රැලියේදී අනුර කුමාර දිසානායක මහතා ජනපති අපේක්ෂක ලෙස නම් කෙරුණු අතර සිවිල් සංවිධාන හා තවත් සංවිධාන රැසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *