ජාතික මැතිවරණ කඩාකප්පල් කිරීමේ දේශපාලන අරමුණක් ඇති ව්‍යාපෘතියක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම සඳහා නව ක්‍රමයක් හඳුන්වා දීමට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ දැරූ උත්සාහය විපක්ෂයේ ඉහළ පෙළේ ප්‍රකාශක මහාචාර්ය ජී.එල්. පීරිස් ඊයේ (16) ප්‍රතික්ෂේප කළේය.
පළාත් සභා සහ පළාත් පාලන ඡන්ද විමසීමද දින නියමයක් නොමැතිව කල් දමා තිබූ අවස්ථාවක එවැනි ව්‍යායාමයක් කිසිදු තත්වයක් යටතේ සාධාරණීකරණය කළ නොහැකි බව ඔහු පැවසීය.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මාර්තු මස මුලදී ලබාදුන් නිශ්චිත ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය රජය දිගින් දිගටම නොසලකා හරින බව මහාචාර්ය පීරිස් අවධාරණය කළේය. ආන්ඩුවට පක්ෂපාතී වීම හේතුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ කැරලිකාර මන්ත්‍රී නසීර් අහමඩ් නෙරපා හැරීම අනුමත කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ඉක්බිතිව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එහි විරුද්ධ මන්ත්‍රීවරුන්ට එරෙහිව උසාවියට යන ලෙස ඔහු අභියෝග කළේය.
නිදහස් ජාතික සභාවේ නාවල කාර්යාලයේදී සතිපතා පැවැත්වෙන මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් ඒ මහතා එසේ පැවැසීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැරලිකාර කණ්ඩායම මන්ත්‍රීවරුන් 12 දෙනෙකුගෙන් සමන්විතයි.