ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ගායිකා උමාරා සිංහවංශ ජාතික ගීයේ ඇතැම් පද වෙනස් අයුරින් ගායනාකිරීම පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් පවත්වන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ජාතික ගීය හිතුමතේ වෙනස් කිරීම ව්‍යවස්ථා විරෝධි ක්‍රියාවක් බවය.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වන අදියර ඊයේ කොළඹ ආර් ප්‍රෙමදාස ක්‍රීඩාංගණයේදී ඇරඹි අතර එම උලෙළේ ජාතික ගීය ගායනා කළේ ජනප්‍රිය ගායිකා උමාරා සිංහවංශයි.
එහිදී ඇය ජාතික ගීයේ ” මාතා” යන වචනය යෙදෙන කොටස උච්ඡාරණයේ දී “මහතා” යනුවෙන් ප්‍රකාශ කිරීම සමාජයේ දැඩි කතා බහට ලක්වුණි.
ජාතික ගීයේ සම්මත පද මාලාව වෙනස් කොට ගැයීම ව්‍යවස්ථා විරෝධී බවට සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ වූ අතර මේ සම්බන්ධයෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍ය මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ඒ ගැන විමසුවේය.
එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ තමා ඒ පිළිබඳව දැනුවත් නොමැති බවත් එම කරුණ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට හැකියාව පවතී ද යන්න පිළිබඳ සොයාබලන බවය.