රටේ සංවර්ධනයට දායක වන ජාතික කාලගුණ සැලැස්ම පිළිබඳ සාකච්ඡාවක් බ්‍රහස්පතින්දා (29) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) වාර්තා කළේය.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
කාලගුණ අවදානම් සංසදයේ උපදේශකවරුන් වන සාරා ජේන් අහමඩ් සහ මිනියට් ෆැබිහා මෙම සාකච්ඡාවට සහභාගී වූ අතර ඊට අදාළ කෙටුම්පත ජනාධිපති ලේකම්වරයා වෙත පිළිගන්වනු ලැබුවා.
ජාතික දේශගුණික සැලැස්මට දායක වන වාරිමාර්ග, කෘෂිකාර්මික සහ වෙනත් ආශ්රිත ක්ෂේත්රවල විභවයන් හඳුනා ගැනීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශයේ මූලිකත්වය ගෙන සාකච්ඡා කිරීම කෙරෙහි අවධානය යොමු වූ බව පීඑම්ඩී පවසයි.