ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමෙන් පසු ශ්‍රී ලංකාවට සහය දීමට ඇමරිකාව එකඟ වෙයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (13) සවස ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මහතා සමඟ දුරකථන සංවාදයක නිරත විය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡාවල වත්මන් තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා කරුණු පැහැදිලි කළේය.

ශ්‍රී ලංකාව එක්සත් ජනපදය සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාවට සහය දැක්වීමට සහ ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය කිරීමට ඇන්තනි බ්ලින්කන් එකඟ විය.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් වෙත සිය සුබ පැතුම් එක් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *