ජලාශ රැසක් පිටාර මට්ටමේ…

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් කඩින් කඩ ඇල හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම පිටාර මට්ටමට ඉතා ආසන්න වි ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.

කාසල්රි ජලාශය පිටාර මට්ටමට අගල් 4 ක් සහ මවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමට අගල් 8 ක් දක්වා ආසන්න වි ඇති බවත්, එම ජලාශ දෙකේම ජල ධාරිතාව පිටාර මට්ටම ආසන්න විම නිසා කැනියොන් , ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය සහ විමලසුරෙන්ද්‍ර යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව එම ජල විදුලි බලාගාර ඉංජිනේරුවන් පැවසිය.

මේ අතර පවතින අධික වර්ෂාවත් සමග හැටන් නුවරඑලිය , හැටන් කොළඹ ප්‍රධාන මාර්ග වල සහ නුවරඑලිය , අඹගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අතුරු මාර්ග කිහිපයකම අලුයම සිට ඝන මිදුම් තත්ත්වයක් පැවතිම හේතුවෙන් එම මාර්ග වල රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරන ලෙස නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *