ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලනයේ නායකත්ව තනතුරක් ලබාදිය යුතු බව අමාත්‍ය විමල් විරවංශ ප්‍රකාශ කර සිටිනවා.
ඒ මහතා මේ බව පවසා සිටියේ ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ කිහිපයක නායකයින් සහ ආණ්ඩුව බලයට පත් කිරීමට කැපවූ භික්ෂූන් වහන්සේ පිරිසක් අතර සාකච්ඡාවක් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී ඊයේ (24) පස්වරුවේ පැවැත්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
රටේ රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයාගේ ශක්තිය දේශපාලන වශයෙන් බලසම්පන්න කිරීමේ වැදගත්කම භික්ෂූන්වහන්සේ පෙන්වා දුන් බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා. මෙම සාකච්ඡාව පැය දෙකහමාරකට ආසන්න කාලයක් පැවති බවටයි වාර්තා වන්නේ.