ජනපති 2024 අයවැය නොවැම්බර් 13 ඉදිරිපත් කරයි

2024 මූල්‍ය වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝබර් දෙවන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් අයවැය දෙවන වර කියවීම නොවැම්බර් 13 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන බවත් රාජ්‍ය මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අයවැය දෙවැනිවර කියවීමේ විවාදය නොවැම්බර් 14 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වෙන බවත් දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම 21 වැනිදා පස්වරුවේ පැවැත්වීමට නියමිත බවත් හෙතෙම කීය.

තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 13 වැනිදා පැවැත්වීමට නියමිතය.

අයවැය සම්මත වීමෙන් පසු කථානායකවරයාගේ අනුමැතියෙන් දෙසැම්බර් 27 වැනිදා වන විට එය නීතියක් බවට පත් කිරීමට නියමිත බවත් දෙසැම්බර් 31 වැනිදායින් පසු නව අයවැය හරහා රජයේ වියදම් සඳහා මුදල් වෙන් කිරීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මෙවර අයවැයෙන් සෞඛ්‍ය, අධ්‍යාපන සහ සුබසාධන වියදම් කෙරෙහි රජය වැඩි අවධානයක් යොමු කර ඇති බව ඔහු පැවසීය.

මේ වසරේ රුපියල් බිලියන 65ක් පමණ වූ සුබසාධන වියදම රුපියල් බිලියන 185ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බවද ඇමැතිවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *