ජනපති හිමිකම් කපනවට විරුද්ධව ඡන්දෙ දෙන්නෙ නෑ

ජනපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධව ඡන්දය දෙන්න බලාපොරොත්තුවක් නැතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර  පාර්ලිමේන්තුවේදී පැවසීය.

පුරවැසියාට නොමැති කිසිම දෙයක් පාලකයාට දිය යුතු නැත යන සුනිල් හඳුන්නෙත්ති  සූරීන්ගේ ප්‍රකාශය ගැන මෙහි කියවුනා.නමුත් මේ කාරණය අද කඩ වෙලා.වාහන පාවිච්චි කරන්නේ නැහැ කිව්වත් මන්ත්‍රීවරු ගණනාවක් අද ආණ්ඩුවේ වාහන පාවිච්චි කරනවා. මන්ත්‍රීවරු සියලුම දෙනා නිවාස අරගෙන තියෙනවා.දැන් ඒවා ටයිල් කරන්නත් පටන් අරගෙන.සමහර ඇමතිවරු පඩිය වගේම තෙල් දෙකම අරගන්නවා.බොහෝ රටවල හිටපු ජනපතිවරුන්ට මේ වරප්‍රසාද ලබාදෙනවා.හිටපු ජනාධිපතිවරු හැම දෙනෙක්ම මේ රටට වැඩක් කරපු මිනිස්සු.ජනාධිපතිලා තීරණ ගන්නේ රට වෙනුවෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *