ජනපති සිංගප්පූරුව බලා පිටත්ව යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (21) සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පවසයි.

සිංගප්පූරුවේ ජනාධිපති හලීමා යාකොබ් සමඟ සාකච්ඡා සහ අගමැති ලී සියෙන් ලූං, ආරක්ෂක අමාත්‍ය එන්ග් එන් හෙන් සහ තිරසාර හා පරිසර අමාත්‍ය ග්‍රේස් ෆු හේ යීන් සමඟ සාකච්ඡා ඇතුළු වැදගත් රැස්වීම් මාලාවක් ජනාධිපති වික්‍රමසිංහ විසින් සැලසුම් කර ඇත.

පැරිස් ගිවිසුමේ 6 වැනි වගන්තියේ විධිවිධාන යටතේ, ජාත්‍යන්තර කාබන් වෙළඳාම හරහා ගෝලීය හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමේ අරමුණින් ඵලදායී ලෙස සහයෝගයෙන් කටයුතු කිරීමට රටවලට අවස්ථාව තිබේ. ඒ අනුව, පැරිස් සම්මුතියේ රාමුව තුළ කාබන් මධ්‍යස්ථභාවය පිළිබඳ සමුපකාර අවබෝධයක් ශ්‍රී ලංකා සහ සිංගප්පූරු රජයන් අතර ස්ථාපිත කෙරේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම ගිවිසුමට අත්සන් තැබීමට නියමිතයි.

මෙම සංචාරය සඳහා ජනාධිපතිතුමා සමඟ එක්‌වන්නේ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන; සහ ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක

ජනාධිපති වික්‍රමසිංහ මහතා රටින් බැහැරව සිටින කාලය තුළ ඔහුගේ විෂය පථයට අයත් අමාත්‍යාංශ අධීක්‍ෂණය කිරීම සඳහා වැඩබලන අමාත්‍යවරුන් හතර දෙනෙකු නම් කර ඇත. එම පත්වීම් අතරට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස; මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ වැඩබලන මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙසයි. තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් වැඩබලන තාක්ෂණ අමාත්‍යවරයා ලෙසත් සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුපා පැස්කුවල් කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් වැඩබලන අමාත්‍යවරයා ලෙසත් පත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *