ජනපති ධුර කාලය දීර්ඝ කිරීමට ඩයනා මන්ත්‍රීවරිය යෝජනා කරයි

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් අහිමි වූ ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර දෙකකින් දීර්ඝ කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය භාවිත කරමින් යෝජනාවක් ගෙන ආ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ ඊයේ (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තුවේ කාලය වසරකින් දීර්ඝ කළ යුතු බවද ඇය පැවසුවාය. ඩයනා ගමගේ මෙම අදහස් පළ කළේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයට එක්වෙමින්.

කොවිඩ් 19 නිසා කාලය අපතේ නොගියේ නම් සියලුම අධිවේගී මාර්ග ඉදිකර අවසන් කළ හැකිව තිබූ බවත් මේ රටේ අධිවේගී මාර්ග ඉදිකළේ රාජපක්ෂලා විසින් බවත් ඇය පැවසුවාය.

“අපි ඉන්නකන් ජනාධිපතිතුමාට අසාර්ථක වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. Covid-19 වසංගතය නිසා මුළු ලෝකයම අර්බුදයක සිටින අතර අද එංගලන්තයේ පවා පෝලිම් තිබේ, ”ඇය පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *