ජනපතිවරණයට පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක්?

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට එම පෙරමුණේ දේශපාලන මණ්ඩලය තීරණය කර තිබේ.

එම පෙරමුණේ දේශපාලන මණ්ඩල මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් 82නෙකු සිටින අතර මෙයින් 79 ක් රැස්වීමට එක්ව සිටියහ.

ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් අපේක්ෂකයකු ඉදිරිපත්කිරීම සදහා වූ යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබුණේ පැමිණ සිටි සාමාජිකයන්ගෙන් 11 දෙනෙකු පමණි.තවද පොහොට්ටුවෙන් පිට අපේක්ෂකයකු සඳහා සහාය දෙන අයට විරුද්ධව විනය පියවර ගැනීම සඳහා වූ යෝජනාවට විරුද්ධ වූයේ 06 දෙනෙකු පමණි.

අදාළ තීරණයට එළඹ ඇත්තේ දේශපාලන මණ්ඩලය තුළ ඡන්ද විමසීමකින් අනතුරුවය.

ඒ අනුව පක්ෂය විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයා ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කිරීමට සූදානම් බව පක්ෂ ආරංචි මාර්ග පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *