ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වවුනියාවේ සංචාරයට විරෝධය පළ කරමින් විරෝධතාවක් සංවිධානය කිරීම හේතුවෙන් හමුදා ගැටුම් අතරතුර අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ සංවිධානයේ සභාපති ශිවනාදන් ජෙනීටා සහ සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු ඊයේ පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.
වවුනියාව සංස්කෘතික ශාලාවේ පැවති වැඩසටහනකට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා වවුනියාවට පැමිණීමට විරෝධය පළ කරමින් අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ සංවිධානය කළු කොඩි ඔසවා විරෝධය පළ කර තිබුණා. සංවිධායකයින් දෙදෙනා අත්අඩංගුවට ගැනීමත් සමඟ නොසන්සුන්කාරී වාතාවරණයක් නිර්මාණය විය.
පොලීසිය පැවසුවේ, විරෝධතා දැක්වීමට හෝ ජනාධිපතිවරයාගේ මාර්ගයට බාධා කිරීමට එරෙහිව වවුනියාව මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය නොතකා විරෝධතාව සංවිධානය කිරීම සැකකරුවන් දෙදෙනා විසින් සිදු කර ඇති බවයි.
මේ අතර අතුරුදන්වූවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය බව විරෝධතාකරුවන් පොලිසියට ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, පොලිසිය මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර එම සංවිධානයේ නියෝජිතයෙකුට ජනාධිපති සම්බන්ධීකාරකවරයකු හමුවීමට අවසර දීමට එකඟ විය.
සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.