ජනපතිට – ආණ්ඩුවට පමණක් රට හදන්න බෑ – ප්‍රසන්න රණතුංග

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට පමණක් රට සංවර්ධනය කල නොහැකි යැයිද  ඒ සඳහා ජනතාවගේ සහයෝගයද ලැබිය යුතු යැයි  නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

රාජ්‍ය අරමුදල් නොමැතිව දානපති ආධාර යටතේ ජනතා සුභසාධක වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ගැසීම අද “ස්ටයිල් එකක් “බවට පත්ව ඇති බව කී අමාත්‍යවරයා 3% කුහකයන්  දේශපාලන කුහකත්වය නිසා මෙලෙස මඩ ගසන බව සඳහන් කළේය.

මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසැල් අටකට රුපියල් කෝටියක ප්‍රතිපාදන ලබා දීමේ අවස්ථාවලට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

මෙම රුපියල් කෝටියක ආධාර මුදල මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් අටකට ලබා දී තිබුනේ බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී නවුෆර් ෆවුසි මහතා සහභාගීත්වය දරණ සහිඩා පදනමයි.

මිනුවන්ගොඩ ගල්ඔලුව විද්‍යාලය, හොරම්පල්ල සීලවිමල විද්‍යාලය, මිනුවන්ගොඩ කොරස රණසිංහ මහා විද්‍යාලය , නැදගමුව කණිෂ්ඨ විද්‍යාලය, ඕපාත ශ්‍රී ගුණානන්ද ප්‍රාථමික විදුහල, උඩුගම්පොළ රෝමානු කතෝලික ප්‍රාථමික විද්‍යාලය, උඩුගම්පල ප්‍රාථමික විද්‍යාලය හා නිල්පනාගොඩ අල් අමාස් විද්‍යාලයට මෙම පදනම මගින් රුපියල් කෝටියක මුදලක් පරිත්‍යාග කල අතර ඊට අදාල ඉල්ලීම එම පදනමට කර තිබුනේ ඇමති ප්‍රසන්න රණතුංග මහතායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *