ජනපතිගෙන් නව පත්වීම් දෙකක්

ශ්‍රී ලංකා යුද හමුදාවේ 24 වැනි යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් විකුම් ලියනගේ පත් කර තිබේ.

2022 ජූනි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු ලුතිනන් ජෙනරාල් නිලයට උසස් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පවසයි.

නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් විකුම් ලියනගේ ද හෙට වැඩ භාර ගැනීමට නියමිතයි.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කර ඇති බව පීඑම්ඩී වැඩිදුරටත් පැවසීය.

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ධූරයෙන් අද ඉවත් වූ අතර හෙට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස වැඩ භාර ගැනීමට නියමිතයි.

එම හමුදා නිලධාරීන් දෙදෙනාට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද සිදු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *