ජංගම දුරකථන සහ අන්තර්ජාලයට දැඩි ලෙස ඇබ්බැහිවීම හේතුවෙන් ළමුන්ගේ මතක ශක්තිය හීනවීමේ අවදානමක් පවතින බව කරාපිටිය ශික්ෂණ රෝහලේ උපදේශක මනෝ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහතා පවසයි.
ළමුන් වීඩියෝ ක්‍රීඩාවලට ඇබ්බැහිවීම බරපතළ තත්ත්වයක් මෙන්ම මානසික රෝගයක් බවද ඔහු පෙන්වා දුන්නේය.
දරුවන් අධ්‍යාපනයෙන් අසමත් වන අතර ඔවුන් තම දෙමාපියන් සතුරන් ලෙස දකින බව මනෝ වෛද්‍යවරයා වැඩිදුරටත් පවසයි.
මෙම ඇබ්බැහිවීම් හේතුවෙන් දරුවන්ගේ අනාගතය සම්පූර්ණයෙන්ම විනාශ වන බැවින් ජංගම දුරකථන සහ අන්තර්ජාලය භාවිත කිරීමේදී දරුවන් ඉතා කල්පනාකාරී විය යුතු බවද මනෝ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.