“ඡන්ද පොරොන්දු ඉටු නොකරන ලොජික් එක මොකක්ද?” – විපක්ෂ නායක

ඡන්ද ගන්න කියපුවා බලය ගත් පසුව නොකරන එකේ ලොජික් එක මොකක්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

” අද කාදිනල් තුමාගේ උපන්දිනේ.පාස්කු මහ මොල කරුවන් අල්ලන බවට මේ ආණ්ඩුව එතුමන්ට පොරොන්දුවක් ලබා දුන්නා.ඒ මහ මොලකාරයා අල්ලලා තියෙනවාද?

ජනතාවගේ  ප්‍රශ්න වලට උත්තර හොයාගන්න අප මේ පාර්ලිමේන්තුව යොදාගත යුතුව තියෙනවා.ශුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ලක්ෂ එකොළහක් පමණ සිටිනවා.ඔවුන් නිසා 45 ලක්ෂයකට රැකියා ලැබෙනවා.ආර්ථික අර්බුද සමයේ එවැනි ව්‍යාපාර 263000 ක්  වැසී ගියා.2023-25 අතර කාලයේදී තවත් එවැනි ව්‍යාපාර එක් ලක්ෂ පනස්දාහක් පමණ වැසී ගොස් තිබෙන බවට අනුමාන කරනවා යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *