චීන යුද නෞකාව කොළඹට පැමිණෙයි

චීන මහජන විමුක්ති හමුදා නාවික හමුදාවට අයත් HAI YANG 24 HAO යුද නෞකාව විධිමත් සංචාරයක් සඳහා ඊයේ පෙරවරුවේ කොළඹ වරායට සේන්දු වූ බව නාවික හමුදාව පවසයි.

කොළඹට පැමිණි මීටර් 129 ක් දිග නෞකාව 138 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් සමන්විත වන අතර එහි අණදෙන නිලධාරී ජින් ෂින් ය.

මේ අතර, නෞකාව අගෝස්තු 12 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *