චීන – ඉන්දීය නායකයෝ හමුවෙති

වසර හතකට පසුව චීනයේ සංචාරයක නිරත වන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අස චීන ජනාධිපති ෂී ජින්පින් හමුවූ අතර එහිදී ඇමෙරිකානු තීරු බදු හමුවේ වෙළෙඳ සහ ආයෝජන සබඳතා තර කර ගැනීමට ඇති අවශ්‍යතාව දෙපාර්ශවයම පිළිගෙන ඇත.

චීනය සහ ඉන්දියාව අතර ගොඩනැගෙන සහයෝගීතාව සියලුම මිනිසුන්ගේ අභිවෘද්ධියට හේතුවනු ඇති බවත් ඉන්දියාව චීනය සමග සබඳතා තරකර ගනිමින් ඉදිරියට යාමට කැපවී සිටින බවත් ඉන්දීය අගමැතිවරයා එහිදී ප්‍රකාශ කර තිබිණි.

අන්‍යෝන්‍ය විශ්වාසය, ගෞරවය සහ සංවේදීතාව මත පදනම්ව දෙරටේ සබඳතා ඉදිරියට යනු ඇති බවද ඔහු පවසා ඇත.

ගෝලීය දකුණේ සහයෝගීතාවය ප්‍රදර්ශනය කරමින්, රුසියානු ජනාධිපති ව්ලැදීමීර් පුටින් සහ මධ්‍යම, දකුණු සහ අග්නිදිග ආසියාවේ සහ මැද පෙරදිග අනෙකුත් නායකයින් සමඟ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ දෙදින රැස්වීමකට සහභාගී වීම සඳහා මෝදි වසර හතකට පසු පළමු වරට ඊයෙ චීනයට පැමිණියේය.

රුසියාවෙන් තෙල් මිලදී ගැනීම හේතුවෙන් ඉන්දීය අපනයන නිෂ්පාදන සඳහා ඇමෙරිකාව සියයට 50 ක තීරු බද්දක් පනවා දින 5කට පසුව දෙරටේ නායකයන් මෙලෙස හමුවී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *