2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද මූල්‍යමය ප්රදානය භාණ්ඩාගාරය වෙත යොමු කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.
ස්වාභාවික ආපදා හේතුවෙන් හානියට පත් ජනතාවගේ නිවාස ප්‍රතිසංස්කරණය සඳහා ජාතික අයවැය දෙපාර්තමේන්තුවෙන් ආරක්ෂක අමාත්‍යාංශය වෙත අතිරේක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව එම මුදල් වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක අමාත්‍යාංශය වෙත මුදා හැර තිබේ.
එම අතිරේක මූල්‍ය ප්‍රතිපාදන, ආපදා වලින් හානියට පත් වූවන් වෙනුවෙන් වෙන් කිරීමට සිදු වූයේ 2024 අයවැය ඇස්තමේන්තුව මඟින් ඒ සඳහා ප්‍රමාණවත් පරිදි ප්‍රතිපාදන වෙන් කර නොතිබූ බැවින් යැයි ජනාධිපති කාර්යාලය පවසයි.
මහජන චීන සමූහාණ්ඩුවෙන් හදිසි මානුෂීය ආධාර වැඩසටහන යටතේ තවදුරටත් ලැබීමට ඇති යුවාන් මිලියන 10ක ද්‍රව්‍යමය ආධාර සහ භාණ්ඩ, ලද වහාම විධිමත් පරිදි ගිණුම්ගත කිරීමෙන් අනතුරුව බෙදා හැරීමට නියමිතය.
එසේම හානි වූ නිවාස හා දේපළ සඳහා වන්දි ගෙවීමද නිවාස ඉදිකිරීමේ හා ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩ කටයුතුද ආපදා සහන සහ අධීක්ෂණ ව්‍යාපෘතිය මඟින් කඩිනමින් ඉටු කිරීමට අවශ්‍ය කටයුතු යොදා තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.