චීනයේ සයිනොෆාම් කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ලබන 31 වැනිදා මෙරටට ලැබෙන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය ඇමැති, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. අදාළ එන්නත් මාත්‍රා තොගය ප්‍රදානයක් ලෙස මෙරටට ලැබීමට නියමිත බවයි අමාත්‍යවරයා අවධාරණය කර සිටින්නේ.
මේ අතර ඔක්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ පහක ප්‍රමාණයක් ඉදිරියේදී මෙරටට ලැබීමට නියමිත බවත් ඒ මහතා පවසා සිටියි. කෙසේ වෙතත් මැයි මාසය වන තෙක් එන්නත්වල හිඟයක් නැතැයිද රාජ්‍ය ඇමැතිවරයා අවධාරණය කළේය.