චීනයට එරෙහිව ප්‍රභලයින් තිදෙනෙක්

අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ඕස්ට්‍රේලියාව එක්ව විශේෂ ආරක්‍ෂක ගිවිසුමක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ, ඉහළ පෙළේ ආරක්‍ෂක තාක්‍ෂණික පහසුකම් හුවමාරු කර ගැනීමටද හැකි වන පරිදියි.

මේ අනුව ඕස්ට්‍රේලියාවට අලුතින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක සබ්මැරීන නිෂ්පාදනය කිරීමට අවස්ථාව උදාවනු ඇති බව විදෙස් මාධ්‍යයේ වාර්තා කරයි.

එසේ සිදුවුවහොත්  ඕස්ට්‍රේලියාවට එම අවස්ථාව හිමිවන පළමු අවස්ථාව මෙය වේ,

මෙම ආරක්‍ෂක ගිවිසුම අවුකස් ලෙස නම් කර ඇති අතර එමගින් කෘතීම බුද්ධිය, ක්වොන්ටම් තාක්‍ෂණය හා සයිබර් අවකාශය ආවරණය වන පරිදි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

විදෙස් විචාරකයින් පවසන්නේ  ඕස්ට්‍රේලියාව, අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය එක්ව ප්‍රකාශයට පත් කළ නව ආරක්‍ෂක ගිවිසුම චීනයට අනතුරු ඇඟවීමේ උත්සාහයක් විය හැකි බවටය.

ඊට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ ඉන්දු – පැසිෆික් කලාපයේ වර්ධනය වන චීන බලය සහ හමුදා ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මෙම රටවල්  අප්‍රසාදයෙන් පසුවීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *