පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චැනල් 4 වාර්තා චිත්‍රපටයේ හෙළිදරව්වෙන් පසු ප්‍රකාශ කළේය.
ත්‍රස්ත ප්‍රහාර නතර නොකළ බවට වසර හතරක් තිස්සේ විවිධ පාර්ශ්ව තමන්ට චෝදනා එල්ල කළ බව සිරිසේන මහතා පැවසීය.
“මට හිරිහැර කළා. මට විරුද්ධව අධිකරණ නියෝග තිබුණා. නමුත් චැනල් 4 වීඩියෝ පටය නරඹන විට ඔබට පෙනෙනවා ඇත්තටම සිදුවූයේ ඊට හාත්පසින්ම වෙනස් බව” ඔහු පැවසීය.
තමන් ශ්‍රී ලංකාවේ සිටින එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක වෙත ලිපියක් යොමු කළ බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය යෝජනා කරන පරිදි ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය.