හිටපු සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා නීති විරෝධී ලෙස පදිංචිව සිටින බව කියන නිල නිවසින් ඉවත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඊයේ (28) නියෝගයක් නිකුත් කළේය.
මහේස්ත‍්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අධිකරණය හමුවේ ගොනු කර තිබූ නඩුවක් සලකා බලමිනි.
විත්තිකරු අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ පසුව ද එම නිල නිවසේ රැඳී සිටින බව ලේකම්වරයා අධිකරණයට දන්වා සිටි අතර ඔහුට ඉන් ඉවත් වන ලෙස නියෝගයක් ලබාදෙන ලෙසද ඉල්ලා සිටියේය.